අද ජල කප්පාදුව සිදුවන්නේ කෙසේද?

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් දැනුම් දී ඇති පරිදි  අද (29) දින පෙරවරු 11 සිට රාත්‍රී 9.00 පැය දක්වා පැය 10 ක කාලයක් නොකඩවා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව පවසා තිබේ.

ඒ  කොලොන්නාව පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තාවේ.

ඒ අනුව  එම මණ්ඩලය පවසා ඇත්තේ කොලොන්නාව නගරසභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, රාජගිරිය, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ජල සැපයුම ඉහතසදහන් පරිදි  අත්හිටුවන බවයි. 

තවද අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය, ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කර තිබේ.

Exit mobile version