පෙදරේරුවාගේ ඉරණම විසඳුණු හැටි.

පානදුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවැටී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් නමැති 45 හැව්රිදි  පුද්ගලයකු බවට පොලීසිය පවසයි.

මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙස කටයුතු කරන අතර, වැඩ කරමින් සිටියදී ඔහු ඇදවැටී ඇති බව සදහන්.

බරපතළ තුවාල ලබා සිටි එම තැනැත්තා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවට රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.
 

Exit mobile version