මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කර ඇත්තේ අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක මාසික වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු සියලු දීමනාවන් අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා විසින්, සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙලෙස එම ගෙවීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ප්‍රකාශ කර තිබේ.
