දුරකථනයක් මරු කැදවූ හැටි.

ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

අදාළ කාන්තාව අනතුරට ලක්ව ඇත්තේ කොටගල – හැටන් අතර අඩි 60 පාලම නම් වූ ස්ථානයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙනි.

අනතුරුව ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මළ සිරුර එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති අතර , මෘත දේහය කොටගල රෝහල වෙත රැගෙන ගිය බව සඳහන් වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Exit mobile version