චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ පුද්ගල සිරුරක කොටස්.

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ තිබී මියගිය පුද්ගල සිරුරු කොටස් කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ.

කුඹුගොඩආර මානෙල් මාවත ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ තිබී පුද්ගලයෙකුගේ හිස් කබල ඇතුළු අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව සදහන්.

එම පුද්ගලයාගේ සිරුර දවටා තිබූ බවට සැක කෙරෙන රෙදි කැබලි සහ මිනී පෙට්ටි ඇතුළත රදවා ඇති රෙදි කැබලි කිහිපයක්ද එහි තිබී හමු වූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙම සිරුරු කොටස් පිරිමි පුද්ගලයෙකුගේ බවට අනුමාන කෙරෙන අතර කෙසේවෙතත් මෙම පුද්ගලයා මිය ගියේ කෙසේද ? පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව සදහන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු ඇඹිලිපිටිය පොලිස් විශේෂ අපරාධ ඒකකය මගින් සිදු කරනු ලබයි.

Exit mobile version