කාණු කැපීමේදී මිනිස් අස්ථි කොටස් හමුවෙලා.

මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සඳහා කාණුවක් කැපීමේ දී පුද්ගලයින් කිහිප දෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ.

මෙම අස්ථි කොටස් හමු වූ ස්ථානයේ යුද හමුදා නිලධාරීන් භාවිතා කරන ලද කැලෑ නිල ඇදුමකට සමාන නිල ඇදුමක කොටස් කිහිපයක් ද හමු වී තිබේ.අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිස කෝකිලායි පොලිසිය දැනුවත් කර තිබේ.

මුලතිව් අධිකරණ නිලධාරීන් , පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් , කෝකිලායි පොලිස් නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version