ඊජිප්තුව විසින් ගාසා තීරයට මානූෂීය ආධාර ලබාදීමේ කොරිඩෝවක් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව මානූෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට යැවීමට පියවර ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර තිබේ .
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එහි ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීම අසීරු වී තිබේ .
මේ හේතුවෙන් ගාසා තීරයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර ඔවුන්ට කඩිනමින් මානූෂීය ආධාර අවශ්‍ය බව ඊජිප්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
