දෙදරු මවට මරු කැදවූ  අඹු සැමි ආරවුල.

නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී අද (4) දින උදෑසන සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය සදහන් කර තිබේ.

 ඒ ඇල්පිටිය  ඇත්කදුර දිවිතුර වත්ත ප්‍රදේශයේ දීය.

මෙම කාන්තාව හා ඇගේ සැමියා අතර ටික කලක සිට පවතින පවුල් ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතුවන බවත් ඝාතනය සම්බන්ධව සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කර තිබේ.

තියුණු ආයුධයකින් පහර දී මෙසේ ඝාතනය කොට ඇත්තේ ඇල්පිටිය ඇත්කදුර දිවිතුර වත්ත ප්‍රදේශයේ පදිංචි යොවාන් රෙනිට මේරී නමැත්තිය තිස්තුන් හැවිරිදි දෙදරු මවක් වන බව පොලීසිය පවසයි.

මේ කාන්තාවගේ ඝාතනය සදහා ඇයගේ සැමියා විසින් යොදා ගත් පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්වේ.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version