බිරිදගේ මරණයට සැමියා අත්අඩංගුවට.

කළුතර ගමගොඩ ප්‍රදේශයේ දී දෙදරු මවක් ඝාතනය කීරීමේ සිද්ධියකට අදාළව මිය ගිය කාන්තාවගේ සැමියා දින 5 කට පසුව ඊයේ (17) කළුතර දකුණ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉකුත් 12 වනදා රමණි සිල්වා නමැති  කාන්තාව ගෙළ සිරවීමක් හේතුවෙන් මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 57 හැවිරිදි පුද්ගලයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version