රාජපක්ෂවරුන්ට ඉදිරියේදී මොන මොන කර්ම පල දෙයිද දන්නෑ . – සරත් ෆොන්සේකා .

කඳුළු ගෑස් වලට වියදම් කරන මුදල් විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු සඳහන් කළේ අයවැය මැතිවරණ ඉලක්ක කරගෙන බොහෝ යෝජනා ගෙනවිත් තිබෙන බව පෙනෙන්නට තිබෙන බවත් , එලෙස හෝ මැතිවරණයක් තිබෙන බව දැනීම සතුටට කරුණක් බවත් ය.

තවද නඩු තීන්දුවෙන් ආර්ථික ඝාතකයන් කවුදැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන් මෙරට ජාති ද්‍රෝහීන් බවට පත් වී තිබෙන බවත් , ඉදිරියේදී රාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දේවි දැයි බලා සිටින බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version