ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථීර පදිංචිය සහිත , ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි , උප්පැන්න සහතිකයක් නොමැතිකමින් ජාතික හැදුම්පතක් නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන් හට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට අනියුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත හැකි බව සඳහන්.
