නියඟයෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදල් නොගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ගොයම් වගාවන්ට ගිනි තැබීම නීති විරෝධී කටයුත්තක් බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී ඇත.
මේ දිනවල නියඟයෙන් හානියට පත් කුඹුරු වල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම් ආරම්භ කර ඇතැයි ද ගොයම් වගාවන්ට ගිනි තැබු පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට වන්දි ලබා දීමට ද හැකියාවක් නොමැති බවට එම මණ්ඩලය පෙන්වා දෙන ලදි.
යම් පුද්ගලයෙක් තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ඇතුළු සහන සඳහා වැය කරන ලද මුදල ද නිශ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධව සොයා බැලීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සදහන්.
දැඩි නියඟය නිසා හානි වී ඇති ගොයම් වගාවන්ට ඇතැම් පුද්ගලයින් ගිනි තබා විරෝධය දක්වන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබිණි.