සුද්දන් රැවටුවොත් දෙන දඩුමව තද කරයි.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන්නන් සඳහා පැනවූ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙවැනි අක්‍රමිකතාවල යෙදෙන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සිවිල් කණ්ඩායම් යෙදවීමට වරාය , නාවික , ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස්  දී ඇති බව වාර්තා වේ.

මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි භාරගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව  සඳහන්.

Exit mobile version