ටැටූ ගහලානම් ලේ ගන්නේ නෑ.

පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බවට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර මේ වසරේදී ජාතික රුධිර අවශ්‍යතාවය මේ වනවිට සම්පූර්ණ කර ඇති බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version