රට වට්ටන්න ඕනි නම් එ.ජා.ප. ය වට්ටන්න. – වජිර අබේවර්ධන .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ලෝකයට ගැළපෙන පරිදි මෙන්ම සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි පරිදි ලබන අගෝස්තු මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාවක් සිදු කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම යම්කිසි පාර්ශවයකට රට වට්ටන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය වට්ටන ලෙසත් , එ.ජා.ප. ය වැටුණු නිසා රට වැටුණත් එ.ජා.ප. නායකයා ජාතිය වෙනුවෙන් පෙරට පැමිණ සිටින බවත් , ඒ හේතුවෙන් නැවත රට ගොඩ ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version