‘ඉමා’ අත්අඩංගුවට .

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

‘ඉමා’ නැමති එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයා ගත් බවට විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කර තිබේ.

ඇය විසින් දුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළව ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහිදී
එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ඉමා නැමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාරියව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සදහන්.

Exit mobile version