IMF ණය පිළිබඳ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට වැට බැදෙයි. ණය ලබා දීමට කොන්දේසි තුනක්.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එම නිවේදනයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග යම්කිසි එකඟතාවයකට පැමිණීය යුත්තේ කොන්දේශි තුනක් යටතේය. එම කරුණු තුන නම්,  

1.         මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම,

2.         දූෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ

3.         නීතියේ ආධිපත්‍ය සුරැකීම,

ඔවුන් සදහන් කරන්නේ එසේ කටයුතු නොකෙරුනහොත් ශ්‍රී ලංකාව තවදුරටත් පාලනයෙන් තොර වී, ණයබරින් සහ දුර්වල ආර්ථික කළමනාකරණයෙන් පීඩාවිඳිනු  ඇති බවයි. ඔවුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

Exit mobile version