ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බවත් , එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
“ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා තිබුණ ගැඹුරු වගේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මෙහෙම වෙන්න කිව්වට එහෙම බෑ. එහෙම වුණා නම් තමා පුදුමේ. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා.”
