ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ සිය නියෝජිතයින් සිදු කරන ශ්‍රී ලංකා සංචාරයේ දී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බවයි.
එසේම ඔවුන් මෙසේ ශ්‍රී ලංකා සංචාරයක නිරතවන්නේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට බව ද මෙහිදී පෙන්වා දී ඇත.
මේ පිළිබඳ කරුණු උකහා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ එළඹෙන අගෝස්තු මස 24 වනදා සිට 31 වනදා දක්වා කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකා සංචාරයේ නිරතවීමට නියමිතව ඇති බවයි.
මේත් සමග ඔවුන් පෙන්වා දෙන්නේ මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බවයි.
