අද (24) දිනයේ දී දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.
මෙහිදී ඔවුන් ජනපති හමුවී ශ්‍රී ලංකාවේ මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
එමෙන්ම එළඹෙන 26 වන සිකුරා දිනයේ මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහා බැංකු නිලධාරීන් සමඟ ඉදිරියේ දී සාකච්ඡාකිරීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානී පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානී ඔසයිරෝ කොසයිකෝ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු එක්ව ඇත.
