අද (01) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිතව ඇත.
එම මාධ්‍ය හමුව මේ වන විට කොලඹ දී පැවැත්වේ.
එහිදි අදහස් දැක්වු නියෝජිත ප්‍රධානී, පීටර් බ්රුඅර් මෙලෙස අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා එකඟතාවයක් ඇතිවුණා. එය මාස 48ක වැඩසටහනක්. එය IMF කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. බලධාරීන් මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එය තවදුරටත් සිදුවිය යුතුයි. ශ්‍රී ලංකාවේ භාහිර ණය තිරසාර නෑ. එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.”