ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඊට රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්වීමට නියමිත බව වාර්තා වේ .
ඒ අනුව මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇතිකරගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීමට මෙම සමුළුව අවස්ථාවක් කරගන්නා බවත් , එමඟින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 වසරේ දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි විශ්වාස කරන බවත් ය.
