IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ දිවයිනට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මෙම නිල සංචාරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා , ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් , අධ්‍යක්ෂවරයා කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට නියමිත බවත් , මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා , ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා සහ එහි බාධාවන් සහ ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයකට සහභාගී වීමට සැලසුම් කර ඇති බවත් සඳහන්.

Exit mobile version