ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙනු ලබන මූල්‍ය පහසුකම් යටතේ යුක්‍රේනයට ඩොලර් බිලියන 15.6ක් ලබාදීමට IMF කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්‍රේනයට ලබා දෙන මෙම මූල්‍ය පහසුකම සැලකෙන්නේ යුද වැදී සිටින රටකට ලබාදෙන පළමු මූල්‍ය පහසුකම ලෙසයි. මේ සදහා අනුමැතිය ඉදිරි මාසය තුළ ලැබෙතැයි අපේක්ෂා කෙරෙන බවයි සදහන් වන්නේ .
