බීඩි කොළ සඳහා මෙතෙක් අයකළ ආනයන බද්ද අඩුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආනයනික බීඩි කොළ කිලෝවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 5000ක ආනයන බද්ද රුපියල් 250 දක්වා අඩුකළ බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
ආනයන බදු අඩුකිරීමෙන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩිවලින් අයකරන බදු මුදල ඉහළ නැංවූ බවටද රාජ්‍ය ඇමතිවරයා පවසයි.
