වාහන කිහිපයක ආනයන සීමා ඉවතට .

පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන වාහන ආනයන සීමා ඉවත් කිරීමේ චක්‍රලේඛය මෙම සතියේ නිකුත් කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදීය.

 ඒ අනුව ලොරි රථ, ට්‍රක් රථ මෙන්ම බස් රථ ආනයනය සඳහා මෙතෙක් පැවැති සීමා ඉවත් කෙරෙන බවට ඇමතිවරයා පවසයි.

Exit mobile version