පාකිස්තාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මගින් පනවා තිබූ නඩු තුනකට පෙනී සිටීම සදහා එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටී බවට වාර්තා වේ.
තම ජීවිතයට ඇති තර්ජනය සලකා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් එය අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා විශේෂ ආරක්ෂාවක් යටතේ වෙඩි නොවදින ලෙස හිස පවා ආවරණය කරගෙන ඉම්රාන් ඛාන් අධිකරණයට පෙනී සිටියේය.
මේ අනුව ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු තුනෙන් ඇප ලබා දීමට අධිකරණය තීරණය කල අතර ඔහුගේ ඇප කාලය ලබන අප්‍රේල් 13 දක්වා වලංගු වේ.
