ජාතික ගොවිජන එකමුතුව විසින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාව දැවැන්ත ණය උගුලක හිරවී ඇති බවයි.
IMF කොන්දේශි වලට අනුව රටේ මහ ජනතාව දැඩි පීඩනයකට ලක්වන බව හා එම ණය හේතුවෙන් රටේ අර්බුද තත්වය තවත් වැඩිවන බව එම ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා තිබේ.
ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබා ගත් ණය වාරික ගෙවීම් ආරම්භ කරණ විට ජනතාව මීටත් වඩා දැඩි පීඩනයකට ලක්වන බවයි.
ලබා ගත් ණය මුදලෙන් කොටසක් හෝ වැයකොට කෘෂි අර්ථික නිෂ්පාදන වැඩිකරන්නේනම් යම් පමණකින් හෝ රටේ පවතින් අරබුදයට සහනයක් වනු ඇති බව ඔහුන් පවසයි.
