මොනරෙකුගේ ඇගේ ගැටුණු කොස්තාපල් ශල්‍යකර්මයක.

මොනරෙකුගේ ඇගේ ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.

සිය රාජකාරිය අවසන් කර යතුරුපැදියෙන් එමින් සිටියදී මහකුඹුක්කඩවල මදුරන්කුලිය මාර්ගයේ අයියනායක දේවාලය අසලදී මොනරා  පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පොලිසිය පැමිණ මොනරා පිළිබඳව සෙවූවද සොයා ගනීමට නොහැකි වී තිබේ.

Exit mobile version