මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය නගරය ආසන්නයේදී 16 හැවිරිදි දැරියක් පැහැර ගැනීමට තැත් කළ බව කියමින් එම දැරියගේ මව විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් සිඳු කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිඳු කළ විමර්ශනවලදී අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන වල එම කාලසීමාවේදී එවැනි සිදුවීමක් සිඳු වී නොමැති බව පොලිසිය සඳහන් කර තිබේ. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් අනෙකුත් CCTV දර්ශන ද පරීක්ෂා කර බලන බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
