නොසිතූ මොහොතක කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ හි අඩි 60ක ගැඹුරින් යුත් ලිං කුහරයකට ඇද වැටීමෙන් හත් හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (14) පෙරවරු 11ට පමණ ලිං කුහරයකට වැටුණු ළමයා අඩි 43ක් පමණ ගැඹුරින් සිරවී සිටි අතර පැය 24කට ආසන්න කාලයක් සිදු කල මෙහෙයුමේදී දරුවා මුදවා ගැනීමට හැකි වුවද රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

තවද ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලිං කුහරයකට ඇද වැටීමෙන් ඊයේ (14) පස් හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

Exit mobile version