ගෙවුණු මාස නවයක කාල සීමාව තුළදී මෙරට රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගේ සියයට හතළිහක පමණ ඉහළ යෑමක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (02 ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කරන ලදි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල් වන මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය ළමා රෝහල, නාවලපිටිය මූලික රෝහල සහ ගම්පොළ මූලික රෝහල් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.
බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගේ සියයට හතළිස් දෙකක පමණ ඉහළ යාමක් මෙන්ම දළ වශයෙන් මුළු රටේම සියයට හතළිහක පමණ අගයක් වාර්තා විය හැකි බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රෝහල්වලට ඇතුළුවීම් දළ වශයෙන් සියයට විසිපහත් විසිහතත් අතර වැඩිවීමක් වාර්තා වී ඇතැයි ද හෙතෙම පැවසීය.
