2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළදුණු පුද්ගලයින් 301 දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම රෝගය බැක්ටීරියාවක් මගින් පැතිරෙන අතර ජනතාවගේ නොදැනුවත්කම සහ නිසි ප්‍රතිකාරවලට යොමු නොවීම හේතුවෙන් මේ වසරේ මුල් මාස කිහිපයේදීද මෙම තත්ත්වයේ අඩුවක් නොමැති බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
රෝගී පුද්ගලයෙකු කහින විට ,කතාකරන විට,කිවිසුම් යවන විට ,සිනාසෙන විට නීරෝගී පුද්ගලයකුට වාතය හරහා මෙම රෝගය බෝවන අතර මෙලෙස හදුනා නොගත් රෝගීන් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් සිටින බවට අනුමාන කෙරේ.
