මස් වැද්දන් සොයා කරන වැටලීම් වැඩි කරයි.

නියං කාලයේ ජලය සොයා පැමිණෙන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් , සිඳී ගිය වැව් හා දියකඩිති ආශ්‍රිතව දියවළවල් සාදා එම ජලයට වස මිශ්‍රකර වන සතුන් දඩයම් කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකරන බවත් , විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් වෙනුවෙන් සහ පිට ප්‍රදේශ සඳහා අලෙවි කිරීම වෙනුවෙන් මෙලෙස වන සතුන් දඩයම් කරන බවට අනාවරණය වි ඇති බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇති බව වාර්තා වේ .

එමෙන්ම විෂ ශරීරගත කිරීමෙන් මියයන සතුන්ගේ මස් මාංශ මිනිස් පරිභෝජනයට නුසුදුසු වන බවත් , වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදුකරන වැටලීම් නියං කාලය තුළ වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1992 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් .

Exit mobile version