ස්වාධීන රූපවාහිනියට පුවත් ලබා දෙන මාධ්‍යවේදීන්ට අවුරුද්දට මුදල් ගෙවා නෑ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන්ට අප්‍රේල් මස මුදල් ගෙවා නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ .ඒ බව පහතින්,

මා විසින් ස්වාධින රූපවාහිනි සේවය වෙත ලබා දෙන ප්‍රවෘත්ති අතුරින් විකාශය වු ප්‍රවෘත්ති සඳහා ගෙවනු ලබන ගෙවීම් සෑම මසකම 12 වන දින මාගේ බැංකු ගිණුම වෙත බැර කිරිම සිදු වු අතර ඒ අනුව මෙම මාසයේද එදිනට මා වෙත මුදල් බැංකු ගිණුම වෙත වැටෙනු ඇතැයි වෙනදාටත් වඩා බලාපොරොත්තුවෙන් සිටියේ සිංහල අවුරුද්ද ද පැමිණෙන නිසා වෙනි.

ඊයේ දහවල් මුදල් බැර වෙන තෙක් බලා සිටි මා ස්වාධින රූපවාහිනි සේවයේ මුදල් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දි මුදල් පිළිබද විමසා සිටි විට කියා සිටියේ ,වාර්ථාකරුවන්ගේ මුදල් ගෙවිම් සම්බන්ධව කටයුතු කරන මහත්මිය අසනීප තත්වයක් හේතුවෙන් නිවාඩු ලබා ගෙන ඇති බවත් ගෙවිම් පිළිබද විස්තරයක් ලබා දිමට දුරකථනයට පිළිතුරු දුන් මහත්මා නොදන්නා බවයි.

ඒ අනුව මා ප්‍රවෘත්ති අංශයෙන් ඒ පිළිබදව විමසා සිටි අතර එහි ගිණුම් කටයුතු සිදු කරන නිලධාරින් වෙනත් මාස වලටත් වඩා උනන්දුවෙන් අවුරුදු මාසය වෙනුවෙන් වාර්ථාකරුවන්ට මුදල් ලබා දිය යුතු නිසා ඔවුන් විසින් අවශ්‍ය ලියකියවිලි සකසා මුදල් අංශය වෙත ලබා දි ඇති බව පවසා සිටින ලදි.මෙම ගැටලුව පිළිබදව මා විසින් නලින්දා මහත්මිය දැනුවත් කල අතර ඒ අනුව එතුමිය විසින් වාර්ථාකරුවන්ගේ ගෙවිම් පිළිබද කටයුතු කරන මහත්මිය වෙත දුරකථන ඇමතුමක් ලබා දි සිදු වි ඇත්තේ කුමක්දැයි සොයා බලා මා දැනුවත් කල පරිදි ඊයේ දිනට ගෙවිම් සිදු කිරිමට නියමිත සියලු වාර්ථාකරුවන්ගේ මුදල් බැංකු ගත ⁣වන්නේ සඳුදා(17) දිනයේ වන බවයි.

⁣වෘත්තිය මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කරන මා හට වෙනත් ආදායම් මාර්ගයක්ද නොමැති අතර ඉහත පිළිතුරු ලද මොහොතේදි දැනුන හැගිම වචන වලට විස්තර කිරිමට නොහැකිය.

මෙම පණිවිඩය මෙම ගෘපයේ තබන්නේ කිසිවෙකුගේ සිත් රිදවිමට නොවන අතර මා මෙන්ම වෘත්තිය මාධ්‍යවේදින්ට ඔවුන් ආවරනය කරන ලද ප්‍රවෘත්ති වලට බලාපොරොත්තු දිනයට මුදල් නොලැබි යාම තුල මතුවන ගැටලු සිය දහස් ගුණයකින් මේ මාසය තුල ඇති වන බවට වු හැගිමෙන් සිතේ ඇතිවු ව්‍යාකූලත්වය හේතුවෙන් මෙම පණිවිඩය තබමි.

මෙහිදි තවත් මතක් කල යුතු කරුණක් ඇත ගිය මාසයේ 28 වන දින මුදල් වැටිමට නියමිතව සිටි වාර්ථාකරුවන්ට එදිනට මුදල් නොවැටිම නිසා ඔවුන්ගේ මුදල් ඊයේ දිනයේ ලැබිමට නියමිතව තිබියදි ඔවුන්ගේ උත්සාහය මත මේ මස 06 වන දින මුදල් ලබා ගෙන ඇත.

අවසානයේ කිමට ඇත්තේ කිසිදු ගෙවිම් වැඩි විමක් නොමැතිව වුවද තෙල් මිල,ලයිට් බිල්,ඉන්ටර්නෙට් බිල්,බඩු මිල ආදිය ඉහල යද්දිත් ආයතනය වෙනුවෙන් සේවය කරනු ලබන අප ගැන නැතත් අප දරුවන් ගැන හෝ සිතිම කල යුතුව තිබු බවයි.

මෙම පණිවිඩය තැබුවේ දරා ගැනිම් දරා සිටින සමස්ථ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සියලු දෙනා වෙනුවෙන් වන අතර කිසිදු පුද්ගලයෙකුගේ සිත් රිදවිමට නොවන බව නැවත වතාවක මතක් කරමි.

ඊයේ දින අප වෙත මුදල් නොලැබි යාම⁣ට යම් නිලධාරියෙකු වගකිව යුතු නම් එම නිලධාරියාටද මෙම පණිවිඩය පෙන්වන ලෙස සුධර්මන් රදලියගොඩ මහතාගෙන් ඉල්ලා සිටිමි

Exit mobile version