ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ නයකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව සඳහන්.
තරගාවලියේ “ඒ” කාණ්ඩයෙන් තරගවදින ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙය වන අතර පාකිස්තාන කණ්ඩායම සිය පළමු තරගයේ දී නේපාල කණ්ඩායම පරදා විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය.
2019 වර්ෂයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන පළමු එක්දින තරගය මෙය වීම විශේෂත්වයකි. අවසන් වරට පැවති තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.













































