කාසියේ වාසිය ඉන්දියාවට .

ඉන්දියාව සහ බංගලාදේශය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ 12 වැනි තරගය අද (15) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර මෙහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සමත් වූ බව වාර්තා වේ .

එහිදී ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි .

මෙම තරගය ජයග්‍රහණය කිරීම ආසියානු කුසලාන අවසන් මහා තරඟයට කිසිදු බලපෑමක් නොවන අතර තරගාවලිය පෙර සැලසුම් කිරීමේදී තීරණය කර තිබූ තරඟයක් බැවින් මෙය සාමාන්‍ය පරිදි පැවැත්වේ .

Exit mobile version