ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් මෙරට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ .
මේ අතර ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමග දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බව සදහන් .
එමෙන්ම මොවුන් අද (30) පස්වරුවේ නුවර බලා ගමන්කිරීමට නියමිතව තිබේ .
ඉන්දීය කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 02 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
