පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර සිදු වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 ප්‍රහාරක ගුවන් යානය රාජස්තාන්හි “ Hanumangarh”නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධියෙන් එම නිවසේ සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.එමෙන්ම ගුවන් නියමුවා ගුවන් යානය කඩා වැටෙන විට ඉන් ඉවතට පැන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි.
