ඉන්දුනීසියාවත් සෙලවෙයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව අද (25) අලුයම රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම භූකම්පනය ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් හට ගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.

එමෙන්ම භූකම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවත් , සුමාත්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

භූකම්පන තත්ත්වය හේතුවෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version