කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව ජූනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් ලෙස වාර්තා වූ බව සදහන්.
ඒ අනුව මැයි මාසයේ සියයට 21.5ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 4.1ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
සියයට 27ක් ලෙස මැයි මාසයේ වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේදී සියයට 16.2ක් දක්වා පහත වැටී ඇති බව සදහන්.
