මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 2.1%ක් ලෙස සටහන් වී තිබේ .
ජූලි උද්ධමනය සටහන් වී ඇත්තේ 4.6%ක් ලෙසයි.
මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වූවත් එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබේ .
