විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කොට ඇත්තේ සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බවයි.
ඒ අනුව එරටින් ශ්‍රී ලාංකික පුරවැසියන් 41 දෙනෙකුගේ නිවැරදි විස්තර ලැබී ඇති බවත් ඒ අතරින් 13 දෙනෙක් බේරාගෙන ඇති බවත් විදෙස් අමාත්‍ය වරයා සදහන් කොට ඇති බව වාර්තාවේ.
ඉතිරි පිරිසද ඉතා ඉක්මනින් බේරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කොට තිබේ.
