කාන්තාවකට අසල්වැසියන් දුන් අමානුෂික දඩුවම.

තම නිවස අසල මුත්‍රා කළ බව පවසමින් අසල්වාසීන් පිරිසක් විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂාජහාන්පූර් ප්‍රදේශයෙන් වාර්තා වේ.

පහරකෑමට ලක් වූ 35 හැවිරිදි කාන්තාව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ බවට ඉන්දීය පොලීසිය සඳහන් කරයි.

අසල්වාසීන් විසින් මෙම කාන්තාවගේ රහස් ප්‍රදේශයට යකඩ පොල්ලකින් පහර දී ඇති අතර, ඒ හේතුවෙන් ඇය ක්ලාන්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
මේ වනවිට අදාළ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ .

Exit mobile version