ඉන්දියාවෙන් නිර්වින්දන ඖෂධ එන්නත් මෙරටට.

ඉන්දියාවෙන් නිර්වින්දන ඖෂධ එන්නත් තොගයක් අද (13) මෙරටට ලැබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ප්‍රශ්න සහගත වූ නිර්වින්දන ඖෂධ වෙනුවට වෙනත් ඉන්දීය ඖෂධ සමාගමකින් මෙම නිර්වින්දන ඖෂධ ආනයනය කර ඇති බව සදහන්.

පසුගිය කාලයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සහ ජාතික අක්ෂි රෝහලේදී නිර්වින්දන ඖෂධ එන්නත් ලබා ගැනීමෙන් පසු රෝගීන් කිහිප දෙනෙකු මිය යාමත් සමග මෙම ප්‍රොෆෝල් වර්ගයේ නිර්වින්දන ඖෂධ වර්ග දෙකක් භාවිතයෙන් ඉවත් කළ බවට වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version