දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා වහාම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

එසේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි තනතුරු 66ක් සඳහා ද බඳවා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

 රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සාමාජිකයන් සමග අද (26) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.

මෙරට රාජ්‍ය ආදායමෙන් 60%ක පමණ දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බවට ඔහු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version