තමාගේ ආදරණීයන් අතහැර දුර රටක තනිව සිටිමින් නැවත තම ආදරණීයන් දැක ගැනීමට නොවිසිලිමත්ව සිටින ආදරණීය මවකට හදිසියේ ගෙල වැලලාගෙන මිය යාමට තරම් පීඩනයක් ඇති වූයේද? නැතහොත් කවරෙකු විසින් හෝ ඇයව ඝාතනය කළේද ? යන්න සැක සහිතය.මේ පිළිබඳව සුරංග (බහරේන්), කමල් (කුවේට්), රසික (සෞදි අරාබියේ),ස්වප්නා (කුවේට්) යන රටවැසියන් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති විඩියෝ සංවාදයකදී බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.
සුරංග මහතා ප්‍රකාශ කරන්නේ P.G. අනෝමා නැමැති මව මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට කිසිවෙකුට නැවත මුහුණ පෑමට සිදු නොවේවා යන්නත් මෙලෙස වැලිකතරේ වැළලෙන්නට ගිය මෙම මවගේ මරණය පිළිබඳව සමාජ ගත කිරීමට අප මුල් වූ බවයි.
එසේම ඇය ලංකාවට ඒමට සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඇයට අත් වූ මෙම ඉරණම පිළිබඳව සැක සහිත බවත්ය.
එමෙන්ම ඇය මෙම නිවසේ වසර 12 හමාරක් සේවය කොට 2016 වසරේ මවිබිමට විත් ආදරණීයන් බලා නැවත කුවේටය බලා ගොස් අවුරුදු 7 හමාරකට පසුව ලංකාවට ඒමට සූදානමින් සිටියදී ගෙල වැලලාගෙන මිය යාමට ඇතැයි සිතීම සැක සහිත බවත් , ලැබෙන්නට යම් මුදලක් තිබී එය හාම්පුතාගෙන් ඉල්ලීමේදී යම් ඉරණමකට මුහුණ පෑවේද යන්න අනුමානයක් පවතින බවයි.
එසේම මෙම වැඩසටහන පටිගත වන මොහොත දක්වා එම්බසියෙන් කිසි සාධාරණයක් නොවූ බවත් ,මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ඉදිරිපත් වී නොමැති බැවින් මෙම මරණය මේ මොහොත දක්වාම අභිරහසක් බවත් ප්‍රකාශ කර තිබේ.
කමල් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ගීතා කුමාරසිංහ මහත්මිය මෙම මරණය අභිරහසක් බවට ප්‍රකාශ කර,ලංකාවේ නිව්ස් වලට ලබා දෙන පිළිතුර වන්නේ එම්බසි නිලධාරියක් විසින් මෙය ගෙල වැළලාගෙන මිය යාමක් බවට තහවුරු කර තිබෙන බවත් වෝහාරික වෛද්‍ය ,වෛද්‍ය ,අධිකරණ වෛද්‍ය වාර්තා එම්බසිය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත්ය.
එසේම වගකිවයුතු මාධ්‍යකට නිවේදනයක් නිකුත් කර තිබියදී අපට තව කතාවක් ඉදිරිපත් කිරීමේදී මෙම කතා දෙකෙහි යම් පරස්පරතාවයක් තිබෙන බව පැහැදිලිය.මෙහිදී මිනිය ලංකාවට එවීමට යැයි හාම්පුතාගෙන් මුදල් ලබා ගත් බවට වාර්තා වේ.
මෙහිදී දරුවන් මවගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන දුරකථන ඇමතුම් බොහොමයක් ලබා ගත් බවත් දවස් දෙකකට පසු බාබා දුරකථනය ගෙන මව ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවට සදහන් කර තිබේ.
ස්වප්නා සදහන් කරන්නේ අනෝමා සාෆ්ෆර් ගියා යැයි පවසමින් දුව විසින් දොර වසා ගත් බවත් ,බාබා ට කෝල් ගත් විට දුරකථනය ආන්ස්වර් කර නොමැති බැවින් මෙය ලිඛිතවම මිනී මැරුමක් බවට සැක සහිත බවයි.
එමෙන්ම අවුරුදු 21ක් සිටි නිවස තුළ අවුරුදු 7හමාරක් තිස්සේ පොඩි පොඩ් ප්‍රශ්න වූ බවත් දෙරණෙහි නිව්ස් එකකට අන්තිම මොහොතේ “මට දැන් ගොඩක් කරදරයි.මන් ඒ ටික ඉවසන් ඉන්නවා උදේ 6 වෙනකොට ලංකාවට ඇවිත්නෙ” යනුවෙන් පැවසූ මවට පැය 2කට 3කට මොකද වුණේ ? යන්න ස්වප්නා ප්‍රශ්න නගා තිබේ.
එමෙන්ම මේ මොහොත වන විටත් කිසිම අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලැබී නොමැති අතර ,පිටරට සිටිනා ලාංකිකයන් වෙනුවෙන් තානාපති වග කිව යුතු බවට සදහන්.
එසේම මෙය තාමත් ගෙල වැලලාගෙන මිය යාමක්ද ඝාතනයක්ද යන්න නිශ්චිතවම තහවුරු කර ගෙන නොමැති බවත් පිලිපීනයන්ගේ මරණයක් වූ විට දවසින් දෙකින් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන බව සදහන්.
නමුත් අපේ ලාංකික කාන්තාවකගේ මරණය අභිරහස් ලෙස සැගවී යාමට ඉඩ දී රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අයුරු දැකගත හැකි බවට වාර්තා වේ.
එසේම මොවුන් මෙම අභිරහස හෙළි නොකරන්නේ බාබා CID එකෙහි හෝ ඉහළ බලතල ඇති අයෙකු හෝ නැතහොත් මෙයට එම්බසි සෘජුවම සම්බන්ධ බවයි.
එනම් කුවේටයෙහි එම්බසි සල්ලිවලට සියලු දේ යට ගහන බවත් ස්ථීරවම සෘජුවම ස්වප්නා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම කුවේටයෙහි පුද්ගලයකු මෙම මියගිය කාන්තාවගේ පුතාගෙ ආච්චිට ලක්ෂ 2 හමාරක මුදලක් ගෙන ලයනල් නැමැති පුද්ගලයකුට ස්තූති කළ යුතු බවට දන්වා තිබෙන බවත් ,ලයනල් යනු එම්බසිය හරහා යැපෙන පුද්ගලයකු බවට සදහන්.
ඔහු මෙන්ම,
°නිලන්ත
° සුදු පුතා (ඉන්දික)…. ආදී මොවුන් එම්බසියට කත් අදින පුද්ගලයන් බවත් ,මොවුන් ලවා එම්බසිවලට රට මිනිස්සු දෙන පෙෂර් එක කවර් කරගන්නා බවද පවසා තිබේ.
එසේම බලධාරීන් කෙසේ හෝ මැදිහත් වී මේ අම්මගෙ හුස්ම වාතලයට මුසු වූවා සේ තවකෙකුගේ හුස්ම වාතයට මුසු වීමට මත්තෙන් වසර 16ක් පුරාවට සිටි දේශපාලන හිංචයියෝ,බත්බැලයෝ තානාපති කාර්‍යාලවල සීතල කාමර වල නැළවි නැළවි සිටීමට ඉඩ නොදී අපේ ශ්‍රී ලාංකිකයන් රැක ගැනීමට කාර්‍යක්ෂම තානාපති සේවාවක් ලබා දෙන ලෙස ඇමති මනූෂගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම මේ මරණය අවසන් එකත් මුල් එකත් නොවන බැවින් හෙට දවසේ මෙලෙස වැලලෙන්නට යන ජීවිත වෙනුවෙන් මෙම මවට සාධාරණයක් ඉෂ්ඨ විය යුතු බවට අවධාරණය කර තිබේ.
එමෙන්ම මෙම මරණය සිදු වූයේ කෙසේද? යන්න සමාජ මාධ්‍ය හරහා හෙළි විය යුතු බවත්,කුවේටයෙහි පමණක් නොව මැදපෙරදිග ජීවත්වෙන සියලුම ලාංකිකයන්ට ආරක්ෂාව හදනවා කියන එක අපට රජය මැදිහත් වී තහවුරු කළ යුතු බවට දැනුම් දී තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.
