ඖෂධ පමා නොවී දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබූ බව වාර්තා වේ.

එසේම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද නිලධාරින්ට දැනුම් දී තිබේ.

Exit mobile version