ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.
