ජෝර්දානයේ ගෘහ සේවය සඳහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ .
ඒ අනුව රැකියා ගිවිසුම් කාල කාලසීමාව අතරතුර දී අදාළ ශ්‍රමිකයා මිය ගිය හොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලිකව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් රක්ෂණ වන්දිය පිරිනැමෙනු ඇති බවත් , ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම , ශල්‍යකර්ම , වසංගත රෝග , කොවිඩ් සඳහා ද එම වන්දිය ලබාදෙන බවත් සඳහන් .
